කලාත්මක බවින් අනූන වූ ‍වෙස්මුහුණු කලාව - Masks art of Sri Lanka

                            වෙස් මුහුණු කලාව - Masks art 

වෙස්මුහුණු කලාව -  Masks art of Sri Lanka

ජපානය, කොරියාව, ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රාග් ඓතිහාසික යුගවල දී ගෝත්‍රික ජනයා වෙස් මුහුණු භාවිත කළ බවට සාධක ලැබී ඇත. 

දඩයමින් ජීවත් වූ ඔවුන් සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමටත්, උන් බිය වැද්දීමටත්, විවිධ ආගමික පුදපූජා හා චාරිත්‍ර ඉටුකිරීමටත්  වෙස් මුහුණු භාවිත කර තිබේ.

 

ලංකාවේ පාරම්පරික වෙස් මුහුණු කලාව

 

පැරණි වෙස් මුහුණු ශිල්පීන් රුක්අත්තන, එරබදු වැනි ලී වලින් වෙස් මුහුණු නිර්මාණය කළ අතර බහුලව ම භාවිතා කරන ලද්දේ කදුරු ලී වේ. වෙස් මුහුණු වර්ග කීපයක් පහත දක්වා ඇත.

  • රජ මුහුණු 
  • රාක්ෂ මුහුණු (නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ) 
  • කෝලම් මුහුණු 
  • සන්නි මුහුණු 
  • නව නිර්මාණ මුහුණු
What is the Raksha Mask? | Mythical birds, Sri lankan, Culture art
Raksha Mask - රාක්ෂ මුහුණු
Best Kolam mask: Sri Lanka images | Sri lanka, Mask, Wall mask
                      කෝලම් මුහුණු  - Funny faces                                                                 


රජ මුහුණු - King Face masks, Sri lanka
රජ මුහුණු - King Face masks

වෙස් මුහුණු නිෂ්පාදනය 

වෙස් මුහුණු නිෂ්පාදනය ප්‍රධාන පියවර 2 කි.

  1. නෙළීම හෙවත් කැපීම 
  2. වර්ණ ගැන්වීම

 

වෙස් මුහුණු නෙළීම හෙවත් කැපීම 

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කපන්නන් විඩාව දුරු කර ගැනීමට හා පහසුව තකා ඇඹුම් කවි භාවිතා කරයි.තමන් නිර්මාණය කරන වෙස් මුහුනේ දේහ ලක්ෂණ, කැටයම් ලක්ෂණ, වර්ණ ආදී කරුණු එම කවිවල අන්තර්ගත වේ.

වෙස් මුහුණු නිර්මාණයේ දී අනුගමන‍ය කරන පියවර කීපයක් පහත දැක්වේ.

  • ගණ කැපීම : ලී කඳන් කපා පොතුගසා පහසු කැබලි වලට වෙන් කිරීම ගණකැපීම වේ.
  • පායම් පෑහීම : ලී කොටයේ ගැට සහිත කොටස් පැතලි කර ගැනීම පායම් පෑහීම වේ.
  • කිරි හිඳවීම : ලීයේ තෙ‍ත ගතිය හෙවත් කිරි ගතිය නැති කර ගැනීම සඳහා ලීය දුම් මැස්සේ තබා වේලා ගැනීම කිරි හිඳවීම නම් වේ.
  • ලකුණු කැපීම : මුහුනේ ඇස්, කන්, නාසය, කට යන ඉන්ද්‍රියන් ලකුණු කර මුහුනේ සියුම් හැඩ මතු කර දැක්වීම ලකුණු කැපීම නම් වේ.

 

වෙස් මුහුණු වර්ණ ගැන්වීම 

වෙස් මුහුණු සඳහා වර්ණ යොදන්නා පොදුවේ සිත්තරා යනුවෙන් හැඳින් වේ. 

වෙස් මුහුණු වර්ණ ගැන්වීමට පෙර මකුලු මැටි පෙරා සකස් කර ගන්නා ලද සුදු පැහැ ආලේපයක් ආලේප කරනු ලැබේ. මෙය අල්ලියාදු කිරීම ලෙස හදුන්වයි. වර්තමානයේ දී අල්ලියාදු කිරීමට සුදු පැහැ ඉමල්ෂන් තීන්ත භාවිතා කරනු ලැබේ. 

අල්ලියාදු කිරීමෙන් පසු මද පවනේ වේලෙන්නට හැර පසුව එය අවශ්‍ය ලෙස වර්ණ කරනු ලැබේ. ඉන්පසු වෙස් මුහුණු තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීමට සුවඳ ලාටු හා දොරණ තෙල් මිශ්‍ර කර සාදාගත් වලිච්චි නම් ආලේපයක් වෙස් මුහුණු මත තවරනු ලැබේ.

පැරණි ශිල්පියා වෙස් මුහුණු වර්ණ කිරීමට භාවිතා කළ ස්වාභාවික අමුද්‍රව්‍ය කීපයක් ලෙස

  • රතු - සාදිලිංගම් 
  • කහ - හිරිගල් 
  • සුදු - මකුළු මැටි 
  • දම් - බෝවිටියා     සඳහන් කළ හැකි ය.

 

කුඩා ප්‍රමාණයේ වෙස් මුහුණු කැට මුහුණු ලෙස හදුන්වයි. 

ලංකාවේ වෙස් මුහුණු එකතුවක් පවතින රටවල් ලෙස ජර්මනිය, එංගලන්තය, ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව සැලකිය හැකිය.


ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ 

  • බෙන්තර
  • අම්බලන්ගොඩ
  • මිරිස්ස
  • ගම්පහ


                                                                                     Sri Lanka Mask Images




Mask art 

Masks art of Sri Lanka

During the prehistoric ages, in countries such as Japan, Korea, India and Sri Lanka, there is evidence that tribal people used masks.

They used their masks to protect from animals, to intimidate them, and to perform various religious rituals. 

                                                                                        Traditional #SriLanka #wall #mask #Gini #Raksha #Handmade ...

Traditional Masks in Sri Lanka

The old artists used wood, such as "Rukattana" and "Erabadu" and the most commonly "Kaduru" wood to craft the masks. 
Below are a few different types of masks.

  • King faces
  • Raksha mask (cobra, gurus raksha)
  • "Kolam"(funny) faces
  • "Sanni" masks
  • New design faces             
'                                                                                                                                                                 

Production of masks

The production of masks is two main steps.

  • Cutting
  • The coloring 

Cutting the masks

The mask artists in Sri Lanka use craft poems to getting out of fatigue and for then ease.

Here are some steps to follow in mask design.

  • "Gana Kapeema" : Cut the trunks of wood and divide them into easy pieces
  • "Paayam Paheema": Flattening of wooden parts
  • Drying of milk : Dry the wood with a smoke sterilizer to reduce moisture content
  • "Lakunu Kapeema" : Mark the face, eyes, nose and mouth and highlight the delicate shapes of the face

                                                                    Sri Lanka Mask wallpaper by JD_creations - 30 - Free on ZEDGE™

 Coloring the Masks

The color applicator for masks is commonly called the painter.

Prior to masking, the spider clay which is white is coated.Today, white emulsion paints are used for coating.

After that, let it dry slightly and then color it as needed. The masks are then applied "Suwada Latu" and "Dorana" oil to protect them from moisture.

As some of the natural ingredients that the old artist used to paint masks

  • Red - "Sadlingam"
  • Yellow - "Hirigal"
  • White - spider clay("Makulu Mati")
  • Purple- "Bovitia"   can be mentioned. 

Small masks are called "Keta Muhunu"(cubes faces).

Germany, England, America and Australia are the countries with the most masked collections in Sri Lanka.

Famous areas for masks in Sri Lanka

  • Benthara
  • Ambalangoda
  • Mirissa
  • Gampaha

                                                                                        NUWAN 3D - Sri Lankan devil masks

    

Comments