කැටයම් කලාවේ අපූර්ව නිර්මාණය - සඳකඩපහණ - The Moonstone

                       කඩපහණ - The Moonstone

Sadakadapahana(සදකඩපහණ), The Moonstone , Heritage of Sri Lanka

පුරාණ විහාරස්ථානවලට ඇතුල් වන පියගැටපෙළ පාමුල ඇති අර්ධ කවාකාර ගල් පුවරුව සකඩපහණ ලෙස හදුන්වයි.බොහෝවිට මාධ්‍ය ලෙස කළුගල් හා හුණුගල් යොදාගෙන නිර්මාණය කොට ඇති මෙය මුල් කාලයේදී කැටයම් රහිත වුවත් පසුව කලාත්මක කැටයමින් අලංකාරවත් විය.

දැනට ලංකාවෙන් හමු වී ඇති කලාත්මක අතින් ඉහළ ම සකඩපහණ ලෙස අනුරාධපුර බිසෝ මාළිගය ඉදිරිපිට ඇති සකඩපහණ සලකයි. භාරතයේ  හො ම සකඩපහණ නාගර්ජුන කොණ්ඩ විහාරයේ සිංහලාරාමයේ දක්නට ලැබේ.

බොහෝ සකඩපහණ්වල පිටතින් ම දක්නට ලැබෙන තීරුව ගිනිසිළු වන් පලාපෙති ය.ඉන්පසුව සත්ව පේළියක් ද (එනම් ඇත්, අශ්ව‍, සිංහ හා ගව යන සතුන් පිළිවෙළින් එකිනෙක පසුපස ගමන් කරන පෙළක් ද ) ඊටත් ඇතුළතින් ලියවැලක් ද පසුව හංස පේළියක් ද හා අවසානයට අඩ නෙළුම් මලක් ද පිහිටයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව සකඩපහණේ ඒ ඒ තීරු වලින් පහත දැක්වෙන දේ නිරූපනය වේ.

 

01. ගිනිසිළු වන් පලාපෙති       -    ලෝකයා රාග, ද්වේෂ ගින්නෙන් පිළිස්සෙන බව

02.සිව් සත්ව පේළිය                -    ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බිය

03.ලියවැල                             -    (තණ්හාලතාව)ලෝකයා තණ්හාවෙන් මත් වී                                                            කම්සැප විදින බව

04.පියුම                                  -   නිර්වාණයට මග

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව සකඩපහණ භව චක්‍රය නිරූපණය කිරීමකි. මීට අමතරව වෙනත් මත ද පල වී ඇත.

අනුරාධපුර සිට පොළොන්නරු යුගයට පිවිසීමත් සමග හින්දු ආගමික බලපෑම නිසා ඔවුන් පූජනීයත්වයෙන් සැලකූ ගව රුව සකඩපහණෙන් ඉවත් වී ඇත.මහනුවර යුගය දක්වා විකාශය වීමේ දී ක්‍රමයෙන් සකඩපහණෙහි කලාත්මක බව අඩු වී ඇති අතර අර්ධ කවාකාර හැඩය තරමක් දුරට ත්‍රිකෝණාකාර ස්වරූපයක් ගෙන ඇත.



The semicircular stone slab at the foot of the stairway leading to the ancient temples is known as the sandakada pahana(moonstone).


The moonstone in front of the queen's palace in Anuradhapura is regarded as the highest artistic craft in Sri Lanka. The best moonstone of Bharata can be found in the Sinhararamaya of Nagarjuna Kanda temple.


The outermost column of most moonstones is "pala pethi" like flames. Then there is a row of animals (ie,elephant, horses, lions and cattle riding in succession respectively), and inside it is a "liyawela", followed by a row of swans and a lotus flower at the end. .


According to Prof. Senarath Paranavithana, each of the columns of the Sandakada Pahana represents the following. 


01. The Flames  - The World Is Burned With Rage And Hatred

02. Four Animal Row - Four Fear of Race, Dishonesty, Illness and Death

03. Liyawala - That the world is intoxicated by craving

04. Lotus - The road to "Nirvana"


According to Prof. Senarath Paranavitana, the moonstone is a representation of the cycle "Bava". Other opinions have also been published.


With the arrival of the Polonnaruwa Period from Anuradhapura, they had left the cow, which was sacred ,due to Hindu religious influence.Upon the Kandyan period, the art of the moonstone gradually diminished and the semi-circular shape became somewhat triangular.


Comments