ලොව ඇති විශාල ම ගඩොල් ස්මාරකය, ජේතවනාරාමය - Jethavanarama, The largest brick monument in the world

                             ජේතවනාරාමය - Jethavanarama

 


ක්‍රි.ව. 3 වන සියවසේ දී පමණ මහාවංශයේ සදහන් අවසන් රජු වන මහසෙන් රජු විසින් ඉදි කර වූ මෙය නන්දන උයන නම් ප්‍රදේශයේ පිහිටා ඇත. පසුව නන්දන උයන ජෝතිවනය නම් විය. එපරිද්දෙන් ජෝතිවනාරාමය, ජේතවනාරාමය නම් විය. 

ලක්දිව පිහිටි විශාල ම ථූපය වන ජේතවනාරාමය ලොව ඇති උස ම ගඩොල් ස්මාරකය ලෙස පිළිගැනේ. එමෙන් ම ජේතවනාරාමය විශාලත්වයෙන් දෙවනි වන්නේ මිසරයේ විශාල ම පිරමීඩයට පමණි. උස අඩි 400 ක් වූ මෙම දාගැබෙහි දැනට උස අඩි 232 කි. විෂ්කම්භය අඩි 367 ක් වේ. 

ජෝතිවනයෙහි තැනුණු ජේතවනාරාමය මහා විහාර භූමිය තුළ ම පිහිටා ඇත. මෙය මුලින් ම කැප වූයේ දක්ෂිණ විහාරවාසී සාගලික භික්ෂූන් වහන්සේට යි.මෙ‍ම දාගැබ තුළ බුදුන් වහන්සේගේ පටි ධාතුවෙන් කොටසක් තැන්පත් කර ඇති බව වංශ කථාවල සදහන් වේ.


Jethavanarama was built by King Mahasen who was the last king of "Mahavansa" in the 3rd century AD, it is located in the Nandana Uyana area. Later  Nandana Uyana became known as  Jothivana. Jothivanaramaya, then, was Jethavanaramaya.


Jethavanaramaya, the largest stupa in Sri Lanka, is the tallest brick monument in the world. And Jetavana Monastery is second only to Egypt's largest pyramid. The 400 feet tall dagaba is now 232 feet tall. 367 feet in diameter.


The Jethavanarama monastery built in Jothivana is located within the "Maha Vihara"  premises. It was originally dedicated to the Sagalika Bhikkus of the Southern Vihara during the earlier time.


Comments